ජනතාව වගකීම් විරහිතයි තවත් සති දෙකක් සීමා පනවන්න වෙනවා - හේමන්ත හේරත්

ජනතාව වගකීම් විරහිතයි තවත් සති දෙකක් සීමා පනවන්න වෙනවා - හේමන්ත හේරත්

16 June 2021 03:32 pm

රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කර තිබුණද ජනතාව සීමා කඩ කරමින් වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ‍ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙම තත්වය හමුවේ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අවම වශයෙන් තවත් සති දෙකක් පමණ හෝ සංචරණ සීමා ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බව හේමන්ත හේරත් මතා පවසනවා.

දෛනිකව හමුවන නව ආසාදිතයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව පහළ ගොස් ඇතත් එය බලාපොරොත්තු වූ මට්ටමට අඩු වී නොමැති බවද වෛද්‍යවරයා පවසනවා. ඉලක්කම් දෙස පමණක් බලා තීන්දු තීරණ ගත නොහැකි බවද ඔහු පවසනවා.

UN