එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත සමාගමේ සභාපති අත්අඩංගුවට

එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත සමාගමේ සභාපති අත්අඩංගුවට

16 June 2021 02:37 pm

පසුගියදා ගින්නට හසු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවට පත් වූයේ සී. කොන‍්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතායි.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, නෞකාගේ ගින්න හටගෙන තිබෙන්නේ දේශීය නියෝජිත සමාගමේ නොසැලකිල්ල නිසා බවට ඇති වූ සැකයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

සැකකරු අද කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

UN