ගම්මන්පිලට එරෙහි විස්වාස භංග යෝජනාවට අත්සන් ගැනීම ඇරඹෙයි

ගම්මන්පිලට එරෙහි විස්වාස භංග යෝජනාවට අත්සන් ගැනීම ඇරඹෙයි

16 June 2021 02:00 pm

ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විස්වාසය කඩකර ඇති බව පවසමින් ඔහුට එරෙහිව විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට අදාල විසවාස භංග යෝජනාව සකස් කර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. මේ වනවිට මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් ඒ සඳහා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

UN