තෙල් මිල වැඩිකළ ගම්මන්පිලට එරෙහිව විස්වාස භංග යෝජනාවක්

තෙල් මිල වැඩිකළ ගම්මන්පිලට එරෙහිව විස්වාස භංග යෝජනාවක්

16 June 2021 12:55 pm

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විස්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ, ජනතාව අසීරු තත්වයට පත්ව සිටින අවස්ථාවක අසාධාරණ ලෙස තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් ගම්මන්පිල ඇමතිවරයා ජනතා විස්වාසය බිඳදමා ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වන සහ ගම්මන්පිල මහතා තවදුරටත් ඇමති ධුරයේ සිටිය යුතු නැතැයි විස්වාස කරන පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඇතුළු ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ද මෙම විස්වාස භංග යෝජනාව සඳහා සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

UN