පාපාන්දු ශූර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ coca-cola ප්‍රතික්ෂේප කරයි (Video)

පාපාන්දු ශූර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ coca-cola ප්‍රතික්ෂේප කරයි (Video)

15 June 2021 11:46 am

යුරෝ 2020 පාපන්දු තරගාවලියේ සිය පළමු තරගයට මුහුණදීමට පෙර පැවති මාධ්‍ය හමුවට පැමිණි පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට ලොවපුරා පාපන්දු ලෝලීගේ කතාබහට ලක්ව තිබෙනවා.

සිය අසුනේ හිඳගත් රොනාල්ඩෝට මේසය මත කොකාකෝලා බෝතල් දෙකක් දක්නට ලැබුණු අතර ඔහු සිදුකළේ එම බෝතල් දෙක පසෙකින් තැබීමයි. ඉන් අනතුරුව අසල තිබූ වතුර බෝතලයක් ඔසවා ගනිමින් ඔහු පෘතුගීසි භාෂාවෙන් ආග්වා (ජලය) යනුවෙන් ප්‍රකාශ කළේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ කොකාකෝලාවට වඩා ජලය වඩාත් ප්‍රබෝධමත් පානයක් බවයි.

UN