තවත් කොවිඩ් මරණ 62ක්. එයින් 18දෙනෙක්ම නිවසේදී හෝ රෝහල් ගත කරන විටත් මියගිය අය

තවත් කොවිඩ් මරණ 62ක්. එයින් 18දෙනෙක්ම නිවසේදී හෝ රෝහල් ගත කරන විටත් මියගිය අය

12 June 2021 06:51 am

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 62 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

මැයි 08 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ 7ක් සහ ජුනි 01 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ 55ක් වශයෙන් එම මරණ සිදුව ඇති බවත් ඊයේ (11) දිනය තුළ කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පවසයි. 

එම මරණ 62 අතරින් 13 දෙනෙකු නිවසේදීම මියගොස් ඇති අතර තවත් 05 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට මියගොස් සිටි බවත් එම නිවේදනයේ සඳහන්. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2073 දක්වා ඉහළ නැඟ ඇත. 

RN