ශ්‍රී ලංකාවේ ‘අරුමැසි විශිෂ්ටත්වය‘ මගහැර නොගන්නැයි කබ්රාල් ආයෝජකයන්ට කියයි

ශ්‍රී ලංකාවේ ‘අරුමැසි විශිෂ්ටත්වය‘ මගහැර නොගන්නැයි කබ්රාල් ආයෝජකයන්ට කියයි

10 June 2021 05:47 pm

ශ්‍රී ලංකා ආර්ථිකයෝ බොහෝ අංශවල සුවිශේෂී ආයෝජන අවස්ථාවන් පවතින බැවින් එයින් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට දැවැන්ත ප්‍රතිලාභ ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය. 

මූල්‍ය මෙවලම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අනුකූලතාවයක් පවත්වාගෙන යන බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කරන්නේ මෙම කැළඹිලි සහගත කාලවකවානුව තුළ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් ආර්ථික වර්ධනය සාක්ෂාත් කෙරෙන බවයි. 

මුදල් රාජ්‍ය ඇමතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවති 2021 ආයෝජන සමුළුව සමුළුව (Investor Forum 2021) අමතමිනි. 

පවත්වාගෙන යන ප්‍රතිපත්තිමය අනුකූලතාවය සැලකිල්ලට ගනිමින් ආයෝජකයන් විසින් ‘ක්ෂේත්‍රයේ පොහොසත්කම‘ පරීක්ෂාකර එහි ගීතවත් බවට සවන් දී රටට අත්පත් කර ගත හැක්කේ මොනවාද යන්න විශ්ලේෂණය කරගත යුතු බවත් එවිට ශ්‍රී ලංකාවේ විශිෂ්ට විභවයන් දැකගත හැකි වනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකාව වෙත ආයෝජකයන්ගේ ඇස යොමුවීමට නම් ඔවුන්ට ප්‍රතිලාභ ලබාදිය යුතු බව පිළිගත් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ආණ්ඩුව සහතික වන බවට ද පොරොන්දුවක් දුන්නේය. 

මෙහිදී ලබාදුන් සෙසු පොරොන්දු අතර තිරසාර ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කිරීම, ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකය වැඩි දියුණු කිරීම සහ නීතියෙන් එසේ කළ හැකි බවට වගබලා ගැනීම ඇතුළත් ය. 

මේ අතර, දේශීය ව්‍යාපාරිකයන්ගෙන් සහ සමාගම්වලින් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ දිගුකාලීනව සිතා බලා කටයුතු කරන ලෙස ය. එවිට රටේ සාර්ව ආර්ථික මූලිකාංග පවත්වාගත හැකි වනු ඇත. 

‘‘විදේශ ආයෝජකයන් සහ ඔබ අතර හවුල්කාරිත්වයන් ගොඩ නගා ගැනීම, ඉඩ අවකාශයන් නිර්මාණය කර ගැනීම සහ සමාගම්වල සංචිත ගොඩනගා ගැනීම මගින් ශ්‍රී ලංකාව සමග ඉදිරියට යාමට අවශ්‍ය හැකියාව ඔබට ලැබෙනු ඇත.‘‘ යනුවෙන් ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සමුළුවේදී පැවසුවේය. 

https://www.lnwbiz.org