ඊශ්‍රායෙල් - පලස්තීන යුද ගැටුම් ගැන ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්

ඊශ්‍රායෙල් - පලස්තීන යුද ගැටුම් ගැන ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්

17 May 2021 08:56 pm

මැදපෙරදිග කලාපයම උණුසුම් කරමින් ඇවිළ යන ඊශ්‍රායෙල්-පලස්තීන යුද ගැටුම් සම්බන්ධයෙන් දැි අවධානයෙන් පසුවන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දින තුනකට පෙර විදේශ අමාත්‍යවරයා මෙරට සිටින පලස්තීන තානාපතිවරයා අමතා ඇති බවයි.

එහිදී, මතුව ඇති තත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකර ඇති විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් හා ජීවත සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ තිබෙන උනන්දුව පිළිබඳව දැනුම් දී තිබෙනවා.

දෙපාර්ශ්වයම ගැටුම් නවතා, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුවලට විසඳුම් සොයාගත යුතු බවත්, මෙම ගැටුම් හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර වීමේ තර්ජනයක් එල්ල වී ඇති බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

UN