වරාය නගර පනතට වෙන දේ මෙන්න! (VIDEO)

වරාය නගර පනතට වෙන දේ මෙන්න! (VIDEO)

17 May 2021 07:54 pm

හෙට (18) දිනයේදී වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර බදාදා හා බ්‍රහස්පතින්දා යන දෙදින තුළ විවාදයට ගෙන බ්‍රහස්පතින්දා දින සම්මත කර ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

පක්ෂ නායක හමුවේදී මෙම තීන්දුව ගැනුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබෙන සංශෝධන රජය පිළිගෙන ඒවා කමිටු අදියරේදී පනතට ඇතුළත් කරන බවටද රජය ප්‍රතිඥා දී ඇති බව අමාත්‍යවරයා කියාසිටින ලදී. 

එම සංශෝධනවලින් බොහොමයක් රජය විසින්ම ඉදිරිපත් කරන ලද සංශෝධන බවද හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK