කොවිඩ් ආසාදිතයන් ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත - තවත් තීරණ කිහිපයක් ගනී

කොවිඩ් ආසාදිතයන් ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත - තවත් තීරණ කිහිපයක් ගනී

17 May 2021 04:00 pm

කොවිඩ් මර්දන වැඩපිළිවෙලට අදාලව ක්ෂණික තීරණ ගැනීම සඳහා වූ විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවේ රැස්වීමක් අද (17) පෙරවරුවේ පැවැත්විණි. කොවිඩ් මර්දනයට අදාලව එහිදී තීන්දු තීරණය කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී හඳුනා ගන්නා ආසාදිතයන් ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශයට ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හෝ අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ආසාදිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදුවන මානසික පීඩනය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිකරමින් යන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, මානව සම්පත් කඩිනමින් ලබාදීමටද තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඇතැම් රෝහල්වල පවතින අතිරික්ත සෞඛ්‍ය නිළධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.

මේ අතර ‍ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ කටයුතු කඩිනමින් සිදු කිරිම කෙරෙහිද කමිටුවේ අවධානය යොමුව තිබේ.

පීසීආර් පරීක්ෂණවලට අමතවර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් ව්‍යාප්ත කිරීමටද කාර්ය සාධන කමිටුව තීරණය කර තිබේ.

UN