දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අදත් වැසි සහිත කාලගුණයක්

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අදත් වැසි සහිත කාලගුණයක්

15 May 2021 07:07 am

අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එසේම රත්නපුර,කෑගල්ල ,ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

අද දිනය සඳහා එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කාලගුණ නිවේදනය පහතින් දැක්වේ. 

RN