ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 119 ක් මිය ගිහින්

ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 119 ක් මිය ගිහින්

14 May 2021 04:12 pm

අද දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පලතීනුවන් අවම වශයෙන් 119 ක් වත් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඉන් හතරෙන් එකක්ම ළමුන් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව 830 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල ෂෙල් වෙඩි ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමා අසල පදිංචි පලස්තීන පවුල් රැසක් උතුරු ගාසා තීරයේ පිහිටි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසල් වෙත පැමිණ රැකවරණය ලබාගෙන තිබෙනවා.

මෙම ප්‍රහාර නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියට තැබූ පය ආපසු ගැනීමට සූදානම් නොමැත. ඔහු පවසන්නේ පලස්තීනය දෙසින් එල්ල වූ රොකට් ප්‍රහාරවල වාඩුව අනිවාර්යෙන් ගන්නා බවයි.

මේ අතර හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ සිට මෙන්ම බටහිර ඉවුරේ සිට ඊශ්‍රායලය දෙසට එල්ල අඛණ්ඩවම රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී. අද දිනයේදී මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනෙකු සහ එක් ඉන්දියානුවෙකු මියගොස් තිබෙනවා.

‍ඊශ්‍රායලය තුළ මෙන්ම බටහිර ඉවුර තුළද පදිංචි ඊශ්‍රායල - පලස්තීන ජාතිකයන් අතර අභ්‍යන්තර ගැටුම් ද උත්සන්න වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN