හෙට සිට 17 වැනිදා දක්වා රටටම දැඩි සංචරණ සීමා

හෙට සිට 17 වැනිදා දක්වා රටටම දැඩි සංචරණ සීමා

12 May 2021 02:30 pm

හෙට (13) රාත්‍රී 11 සිට සිට එළඹෙන 17 වැනි අළුයම 04.00 දක්වා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

අත්‍යවශ්‍ය සේවා සඳහා එය සීමා නොවන අතර එන්නත්කරණ වැඩපිළිවෙලටද එය බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා පවසනේ. 

දැඩි ලෙස සංචරණ සිමා පනවන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් පසුගිය දිනවල දැඩිව ඉල්ලීම් කෙරුණ අතර අළුත් අවුරුදු සමය තුළද සංචරණ සීමා පනවන ලෙස ඉල්ලීම් කෙරුණද එය ඒ මොහොතේ ඉටු නොවුණි.

ASK