හැරී ස්ටයිල්ස්ගේ Watermelon Sugar ගීය 2021 බ්‍රිට් සම්මාන උළෙලේදී වසරේ හොඳම ඒකල ගීයට හිමි සම්මානය හිමි කර ගනියි

හැරී ස්ටයිල්ස්ගේ Watermelon Sugar ගීය 2021 බ්‍රිට් සම්මාන උළෙලේදී වසරේ හොඳම ඒකල ගීයට හිමි සම්මානය හිමි කර ගනියි

12 May 2021 01:48 pm

සෑම වසරක් පාසාම සංගීතය සැමරීමට පැවැත්වෙන බ්‍රිට් සම්මාන උළෙල ඊයේ දින ලන්ඩන්හී O2 Arenaහී පැවැත්වුණි. 

මෙම වසරේ පැවතියේ 43 වන බ්‍රිට් සම්මාන උළෙලයි.

සම්මාන උළෙලට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය රැසක් සහභාගී වූ අතර ටේලර් ස්විෆ්ට්ගේ ගේ සිට ඩුවා ​ලීපා වැනි ජාත්‍යන්තර කලාකරුවන්ගේ විශිෂ්ට රංගනයන් හා ගායනයන්ගෙන් උළෙල වර්ණවත්ව තිබුණි.

බ්‍රිතාන්‍ය විකට නළු ජැක් වයිට්හෝල් සන්ධ්‍යාවේ මුලසුන දැරූ අතර පහත සඳහන් තරු පහත උද්රුත සම්මාන හිමි කරගත්හ. 
British Male - J Hus 
British Female - Dua Lipa 
British Group - Little Mix 
Breakthrough - Arlo Parks 
British Album - Dua Lipa, "Future Nostalgia" 
International Female - Billie Eilish
International Male - The Weeknd 
International Group - Haim 
British Single - "Watermelon Sugar," Harry Styles