’’සැමට සම සිතින්’’ කොවිඩ් ප්‍රතිකාර පහසුකම් සම්පාදනය ජාතික ක්‍රියාන්විතය අඛණ්ඩව ඉදිරියට

’’සැමට සම සිතින්’’ කොවිඩ් ප්‍රතිකාර පහසුකම් සම්පාදනය ජාතික ක්‍රියාන්විතය අඛණ්ඩව ඉදිරියට

12 May 2021 01:00 pm

දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව තාවකාලිකව නව වාට්ටු සංකීර්ණ ඉදිකිරිම මේ වන විට අවසන් අදියරේ පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. 

මෙම ව්‍යාපෘතිය යටතේ වතුපිටිවල මූලික රෝහල,මිනුවන්ගොඩ මූලික රෝහල,කහවත්ත මූලික රෝහල,මීරිගම මූලික රෝහල,දඹදෙණිය මහ රෝහල,අම්බලන්ගොඩ දිසා රෝහල,නාගොඩ ජාතික රෝහල,කොස්ගම දිසා රෝහල,පිඹුර දිසා රෝහල,නවගමුව දිසා රෝහල,මාතර කොටවිල දිසා රෝහල,මුල්ලේරියාව ශික්ෂණ රෝහල සහ පානදුර මූලික රෝහල යන රෝහල් ආශ්‍රිතව එම තාවකාලික වාට්ටුවක් බැගින් ඉදිවීම සිදුකෙරෙයි. 

එම වාට්ටුවක් සඳහා අවශ්‍ය ඇඳන් 50ක් සහ ඇඳ ඇතිරිලි, මදුරු දැල් ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල සැපයීමට ද කටයුතු යොදා ඇත. 

අත්‍යවශ්‍ය උපාංග පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය වෙත රැස් කර අවශ්‍යතාව පරිදි බෙදා හැරීමද සිදුකෙරෙමින් පවතින අතර ඉදිකිරීම් කටයුතු සහ උපාංග සඳහා රජයේ මුදල් භාවිතා නොකරන අතර පක්ෂ අරමුදල් සහ මහජන ආධාර යොදා ගන්නා බවද සඳහන් කර ඇත. 

ජායාරූප සියල්ල නැරඹීම සඳහා පිවිසෙන්න: Samata Sama Sithin - Covid Treatment Facilities National Operational Continues