AB හා B රුධිර කාණ්ඩවල අයට අවදානම වැඩියි - O කාණ්ඩයේ නම් අවම අවදානමක්

AB හා B රුධිර කාණ්ඩවල අයට අවදානම වැඩියි - O කාණ්ඩයේ නම් අවම අවදානමක්

12 May 2021 09:59 am

AB හා B රුධිර කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි හැකියාවක් තිබෙන බව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. ඉන්දියාවේ විද්‍යාත්මක හා කර්මාන්තමය පර්යේෂණ කවුන්සිලය නමැති ආයතනයක් විසින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

ඉන්දියාව පුරා පුද්ගලයන් 10,000 ක් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

මෙහිදී හෙලි වී තිබෙන්නේ O කාණ්ඩයේ රුධිරය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමට තිබෙන්නේ අවම අවදානමක් බවයි. ඔවුන්ට වෛරසය ආසාදනය වුවද රෝග ලක්ෂණ පහළවීමේ හා අසාධ්‍ය තත්වයට පත්වීමේ අවදානම ඉතා අවම බවද හෙලි වී තිබේ. ඒ අනුව O කාණ්ඩයේ රුධිරය සහිත පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා වීමේ වැඩි ඉඩක් තිබෙනවා.

මෙම පර්යේෂණයේදී හෙලි වී තිබෙන තවත් කරුණක් වන්නේ මස් බහුල ලෙස ආහාරයට එකතු කර ගන්නා පුද්ගලයන්ට වඩා එළවලු වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයන් ආරක්ෂිත බවයි. එළවලුවල ඇති තන්තුමය කොටස් හේතුවෙන් ශරීරයට වැඩි ආරක්ෂාවක් ලැබෙන බවත්, වෛරසය හේතුවෙන් ඇතිවන සංකූලතා මගහරවා ගැනීමට එම තන්තුමය කොටස් උපකාරී වන බවත් පර්යේෂකයන් පවසනවා.

UN