සයිනෝෆාම් සහ ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව 82541කට දී අවසන්

සයිනෝෆාම් සහ ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව 82541කට දී අවසන්

12 May 2021 08:11 am

මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතට අමතරව සයිනෝෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්ද ලබාදෙමින් තිබෙන අතර එම එන්නත් දෙකේ පළමු මාත්‍රාව  ඊයේ (11) දිනය අවසන් වන විට 82541 ලබා දී තිබේ. 

බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 44කදී එම එන්නත්කරණය සිදුවන අතර මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවද සහය ලබා දෙමින් එන්නත්කරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.