මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව : ඊයේ දිනයේ 2672ක් !

මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව : ඊයේ දිනයේ 2672ක් !

10 May 2021 05:42 am

ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2672ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 2659ක් සහ විදේශයන්හි සිට පැමිණි 13ක් වශයෙනි. 

මෙය මෙරටින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වේ. මීට පෙර වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 1939 දෙනෙකු වාර්තා වී තිබුණේ මැයි 06 වනදාය. 

එසේම මෙරට ප්‍රතිකාර ලබන හෝ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් ගණන මුල්වරට 20,000 ඉක්මවා ගියේ ද ඊයේ දිනයේදීය. 

එමෙන්ම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 125,000 ඉක්මවා ගියේ ද ඊයේ දිනයේදීය. 

RN