ජනාධිපතිතුමනි, රට වෙනුවෙන් සියලු බලවේග එක්සත් කරන්න - කරු ජයසූරිය

ජනාධිපතිතුමනි, රට වෙනුවෙන් සියලු බලවේග එක්සත් කරන්න - කරු ජයසූරිය

9 May 2021 05:19 pm

රටක් මුහුණ දෙන ඕනෑම අර්බුදකාරී අවස්ථාවකින් ගොඩ ඒම සඳහා සමගියෙන් කටයුතු කිරීම අතිශය වැදගත් බවත්, කොරෝනා උවදුර රට වෙලා ගනිමින් තිබෙන මෙවන් අවස්ථාවක, දේශපාලන බේද ඉවත ලා සියලු දෙනා සමගියෙන් එකතු විය යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

මෙම වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමස්ත ලෝකයම මුහුණ දෙන දැවැන්තම අර්බුදය බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර ඇති බව පෙන්වා දෙන ජයසූරිය මහතා පවසන්නේ කිසිවිටෙකත් මෙම ව්‍යසනය මගහැර යමින් රටේ අනාගතය පිළිබඳව කිසිවක්ම සිදුකළ නොහැකි බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එකිනෙකාට පසමිතුරුව සිටි ප්‍රබල රවටල් සියල්ල එකට එකතු වී නැවතත් එවැනි ව්‍යසනකාරී තත්වයක් මතුවීමට තිබූ ඉඩකඩ අහුරා තැබූ ආකාරයෙන්ම කොරෝනා ව්‍යසන තත්වයට මුහුණදීම සඳහා රටේ සියුල දෙනාම එකතු වියයතු බව ඔහු අවධාරණය කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා පළමු පියවර තැබිය යුතු බවත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනා එකට එකතුව වසංගතයට මුහුණ දෙන ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කළයුතු බවත් ජයසූරිය මහතා පවසනවා.

UN