එන්නත් නැත්තං බස් ධාවනයෙන් ඉවත් වෙනවා - බස් ගැමුණු

එන්නත් නැත්තං බස් ධාවනයෙන් ඉවත් වෙනවා - බස් ගැමුණු

9 May 2021 03:09 pm

අවදානම නොතකා මගී ප්‍රවාහන සේවාවල නිරත බස්රථ රියදුරන්ට සහ සහායකයන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබා නොදෙන්නේ නම් බස් ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. එළඹෙන සතියේ සිට වර්ජනය ආරම්භ කිරීමටයි එම සංගමය තීරණය කර තිබෙන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු බළධාරීන්ගෙන් මේ පිිළිබඳව ඉල්ලීම් සිදු කළද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණු බවයි ගැමුණු විජේරත්න මහතා පවසන්නේ. 

කොරෝනා අවදානම හේතුවෙන් මේ වනවිට බස්රථ 25% ක් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

UN