ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මුල්ලේරියාව මහ රෝහලට කොවිඩ් ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයක්!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මුල්ලේරියාව මහ රෝහලට කොවිඩ් ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයක්!

9 May 2021 02:25 pm

කොවිඩ් 19 තුන්වන රැල්ල ව්‍යාප්ත වීමත් සමඟ පවතින රෝහල් ප්‍රමාණවත් නොවීම නිසා දිවයිනේ විවිධ ස්ථානවල රෝහල් ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට අදාළව ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඒ සඳහා සිය දායකත්වය දෙමින් සිටියි. 

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම මත මේ වනවිට මුල්ලේරියාව මහ රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් කෙරෙමින් පවතියි. 

පසුගිය මාර්තු මස 23වැනි දින එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර එළඹෙන ජුනි මාසයේදී එහි ඉදිකිරීම් නිමකෙරෙනු ඇති.

කොවිඩ් 19 ආසදිතයින්ට ප්‍රතිකාර කෙරෙන ඒකකයක් ලෙස එය ඉදිවන අතර එය අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ලෙසයි ඉදිවන්නේ. 

මෙම ඉදිකිරීම් සඳහා ගුවන් හමුදාව විසින් 65 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබේ. 

මේ සඳහා අවශ්‍ය අරමුදල් සහ අමුද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයනු ලබයි.