Durdans Heart Centre වෙතින් TAVI හෘද කපාට ප්‍රතිකර්මය ලබාගෙන නීරෝගී දිවියක හිමිකරුවෙකු වන්න

Durdans Heart Centre වෙතින් TAVI හෘද කපාට ප්‍රතිකර්මය ලබාගෙන නීරෝගී දිවියක හිමිකරුවෙකු වන්න

7 May 2021 05:23 pm

    හෘද රෝග පිළිබඳ සාකච්ඡා කිරීමේදී විවෘත හදවත් ශල්‍යකර්ම (Open-heart surgery) නිතරම කතාබහට ලක්වේ. කෙසේ වෙතත් එහි පවතින සංකීර්ණභාවය නිසා එය විශාල ජීවිත අවදානමක් සහිත ශල්‍යකර්මයක් බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. එම මතයන් කෙසේ වෙතත් වැඩිහිටියන් හෝ වෙනත් ඇතැම් රෝගාබාධයන්ගෙන් පෙළෙන පිරිස් විවෘත හදවත් සැත්කම් සඳහා භාජනය කිරීමට වෛද්‍යවරු පවා මැලිකමක් දක්වති. 

හෘද සැත්කම් අතරින් සංස්ථානික හෙවත් මහා ධමනි (Aortic) හෘද කපාට ආදේශන (Aortic valve replacement) සැත්කම් සිදු කළ යුතු රෝගීන් බොහෝ දෙනෙකු හමුවන අතර, විවෘත හදවත් ශල්‍යකර්ම සඳහා මුහුණ දීමේ අවදානම මත අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යෑමෙන් බොහෝ දෙනාගේ ජීවිත අවාසනාවන්ත ලෙස නිමාවට පත්වීම සිදුවේ. කෙසේ වෙතත් මේ වන විට Durdans Heart Centre විසින් ක්‍රියාවට නංවා තිබෙන TAVI (Transcatheter Aortic Valve Implantation) හෘද සැත්කම් ප්‍රතිකර්මය එවැනි රෝගීන්ට මහත්වූ අස්වැසිල්ලක් ගෙන දෙන බවට කිසිදු සැකයක් නොමැත. 

අධි අවදානම් හා බොහෝ වේලාවක් ගතවන හෘද සැත්කම් වෙනුවට TAVI ශල්‍යකර්මය සරල හා කදිම පිළිතුරක් වන අතර, විශේෂඥ  හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස අත්දැකීම් රාශියක් හිමි විශේෂඥ වෛද්‍ය පණ්ඩුල අතාවුදආරච්චි මහතා ගේ උපදේශකත්වයෙන් Durdans Heart Centre හිදී එම සැත්කම් සිදුකෙරේ. මේ වන විටත් ඉතාමත් සාර්ථකව TAVI ශල්‍යකර්ම පෙළක් සිදුකරන්නට වෛද්‍ය පණ්ඩුල අතාවුදආරච්චි මහතා ඇතුළු ‍කණ්ඩායම සමත්වී සිටිති. මෙම සැත්කමේදී රෝගියා සිහිනැතිකරවීමක් සිදුනොවන අතර, සාමාන්‍ය හිරිවැට්ටීමක් පමණක් මගින් සිදුකරනු ලබයි. 

සිහිනැතිකිරීම නොමැතිව TAVI ශල්‍යකර්ම මෙරටට හඳුන්වා දීමේ ගෞරවය විශේෂඥ වෛද්‍ය පණ්ඩුල අතාවුදආරච්චි මහතාට හිමිවන අතර, ඒ මහතා හෘද කපාට ආශ්‍රිත ශල්‍යකර්ම සම්බන්ධයෙන් තවත් බොහෝ නව හඳුන්වාදීම් සිදුකළ විශිෂ්ට වෛද්‍ය වෘත්තිකයෙකි. ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලියට මහා ධමනි කපාටයෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත්වන අතර, වියපත්වීම හෝ උපතින් ඇතිවන ඇතැම් සංකූලතාවයන් මත මහා ධමනි කපාටයෙහි විවිධ දුර්වලතාවයන් මතුවිය හැක. විනාඩි 90ක් වැනි කෙටි කාලයක් තුල සිදුකරන TAVI ශල්‍යකර්මයක් මගින් රෝගී හෘද කපාට වෙනුවට නව කපාට ආදේශනයන් සිදුකරමින් රෝගියාගේ ශරීරයෙහි ඔක්සිජන් සැපයුම යථා තත්ත්වයට රැගෙන එන අතර රුධිර සැපයුම ක්‍රමවත් කෙරේ. දැනට ඩර්ඩන්ස් රෝහලේ ශ්‍රී ලාංකීය කණ්ඩායමක් පමණක් සහයෝගයෙන් මේ ප්‍රතිකර්ම කිහිපයක් සාර්ථකව නිමකර ඇති අතර මේ සඳහා MyVal හෝ Edwards මෙන්ම Medtronic Evolut™ R සන්නාමයන් යටතේ නිපදවන විශිෂ්ටතම ක්‍රියාකාරීත්වයක් සහිත හෘද කපාට යොදාගනී.

රෝගී කපාටය වෙනුවට කැතීටරයක් සහිත කපාටයක් ආදේශනය කරමින් සිදුකරන TAVI ශල්‍යකර්මයකින් පසුව ඉතාමත් ඉක්මනින් රෝගියා යථා තත්ත්වයට පැමිණෙන අතර පැය 24ක් වැනි කෙටි කාලයක් තුලදී රෝගියාව ඇවිදවනු ලබයි. ‍මෙහිදී හදිසි හෘදයාබාධ, ආසාදන පිළිබඳ අවදානම ඉතාම අවම වන අතර කෘතීම ශ්වසන යන්ත්‍ර (Ventilators) අවශ්‍යතාවයද නොමැත. Durdans Heart Centre හි දැඩි සත්කාර හා CATHLAB සේවාවන් ද ඉතා ඉහළ මට්ටමක පවතින බව කිව යුතුය. සැත්කමින් දින 3කට පසු රෝගියාට රෝහලෙන් පිටව යාමට ද හැකියාව තිබේ. 


වැඩිහිටි වියෙහි පසුවන TAVI ශල්‍යකර්මයට සාර්ථකව මුහුණ දුන් රෝගීන් හා ඔවුන්ගේ සමීප ඥාතීන් අප සමග අදහස් දක්වා සිටියහ. 

“මම හිතුවටත් වඩා ඉක්මනට සුවය ලැබුවා. වෛද්‍ය පණ්ඩුල මහතා ගේ කාරුණික බවත් ප්‍රතිකාර සම්බන්ධව සිදුකරන දැනුවත් කිරීම් ආදියත් ශල්‍යකර්මයට මුහුණ දෙන්නට මට විශාල ශක්තියක් වුනා. මා දැන් ඉතාම නීරෝගිමත් ලෙස සතුටින් ජීවත් වෙනවා.”  යනුවෙන් අදහස් දක්වා සිටියේ TAVI ප්‍රතිකාරය ලබාගනිමින් සුවය ලැබූ 75 හැවිරිදි වියෙහි පසුවන තැනැත්තෙකි. 

“මගේ පියා ගේ වයස අවුරුදු 85 යි. රෝගය හඳුනාගත් පසු ඉතාමත් ඉක්මනින් මහා ධමනි කපාටයක් බද්ධ කළ යුතු බවයි වෛද්‍ය පණ්ඩුල මහතාගේ අදහස වුනේ. පියා ගේ වයසත් අනුව ශල්‍යකර්මයකට ලක්කිරීමට අපි ඉතාමත් බය වුනත් ඔහු දැන් ඉතා සතුටින් ක්‍රියාශීලීව ඉන්නවා.” ඒ TAVI ශල්‍යකර්මයකට මුහුණදී පූර්ණ සුවය ලබා සිටින 85 හැවිරිදි තැනැත්තෙකුගේ දරුවෙකු අප සමග දැක්වූ අදහසයි. TAVI ප්‍රතිකාරය පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට 077-7715625 අමතන්න.