ජනාධිපති හා WHO ප්‍රධානී අතර සාකච්ජාවක් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ගැන බලාපොරොත්තුවක්

ජනාධිපති හා WHO ප්‍රධානී අතර සාකච්ජාවක් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ගැන බලාපොරොත්තුවක්

7 May 2021 05:13 pm

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියාසෙස් මහතා සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට ලබා දීමට සහය දක්වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසූ බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි. 

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් ලොව පුරා ජනතාව අතුරින් දෙවන මාත්‍රාව සඳහා තවත් මාත්‍රා මිලියන 20ක පමණ අවශ්‍යතවක් පවතින බවද එම ට්විටර් පණිවිඩයේ දැක්වෙයි. 

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතටද ඉදිරි දින කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළකර ඇත්තේ එම සාකච්ජාවේදී මතුවූ කරුණු අනුවය. 

ASK