තොරණ පසුපස නිහඬ මුනිවර - ලන්ඩන් කවි මැයි කලාපය

තොරණ පසුපස නිහඬ මුනිවර - ලන්ඩන් කවි මැයි කලාපය

2 May 2021 04:39 pm

ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය 'ලන්ඩන් කවි' අන්තර්ජාල සඟරාවේ මැයි කලාපය‍ මේ වනවිට වෙබ් අවකාශය වෙත මුදාහැර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කාරකත්වයෙන් ඔබ අතට පත් වේ.

මෙවර මැයි කලාපය ප්‍රවීන හා නවක කවීන් 96 දෙනෙකුගේ කාව්‍ය රචනාවලින් ඔපවත් වී තිබෙනවා.

පහත පළවන්නේ, ලන්ඩන් කවි මැයි කලාපයේ ඇතුළත්, කෞශල්‍යා ජයලත් රචනා කළ කාව්‍ය නිර්මාණයයි.

තොරණ පසුපස නිහඬ මුනිවර

කෞශල්‍යා ජයලත්

මවා පුල් සත් පියුම් පෙරහර
දුර ඈත අනෝමා ගං තෙර
රජ කුමර පරපුරට මිල කර
ඉස්කෝල කාසි සොයනා රාහුල සිහිකර
සල් වනේ ජනිත වුණි සිදුහත්

දවස් තුන්සිය හැට හතර වැසුණු දොර දොර
අමුතු කරුණාවකින් ඇරී ඇරයුම් කරනායුර
එන්න කන්නැයි මතුරන අරුම මන්තර
බලා ඉන්නා දන්සැල් දොර සෝපාක කෙරේ කරුණාකර
ගයා හිස බුදු වුණි බෝසත්

දල්වා සහස් එළි පෙළහර
තොරණ පසුපස නිහඬව පොල් පුවක් ලී මුනිවර
දුගී ලිප් දල්වන කුසගිනි නිවනයුර සිහිකර
තාත්තා තොරණ කවි ගයා එනතුරු නිදිවරන දූ මුව මෙනෙහිකර
සල් වනේ පිරිනිවුණි බුදුවර