නව වෛරස ප්‍රභේද වාතයෙනුත් බෝවෙන්න පුලුවන් - මුව ආවරණ දැමීම අනිවාර්යයි !

නව වෛරස ප්‍රභේද වාතයෙනුත් බෝවෙන්න පුලුවන් - මුව ආවරණ දැමීම අනිවාර්යයි !

23 April 2021 06:00 pm

මේ වනවිට ලොවපුරා ව්‍යාප්තව ඇති ඇතැම් වෛරස ප්‍රභේද වාතය හරහා බෝවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීවක හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අනාවරණය කළාය.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී තිබුණේ කොවිඩ් වෛරසය වාතයේ රැඳී නොතිබෙන බවයි. ආසාදිතයෙකුගේ ශ්වසන මාර්ගයෙන් එළියට පැමිණෙන වෛරසය ඕනෑම පෘෂ්ඨයක් මත රැඳී තිබිය හැකි අතර එම පෘෂ්ඨය ස්පර්ශ කිරීම හරහා තවත් පුද්ගලයෙකුට වෛරසය බෝවිය හැකි බවට මීට පෙර අනතුරු අඟවා තිබිණි.

වාතය හරහා වෛරසය බෝවීමේ අවදානමක් ඇති හෙයින් මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් වීම වැදගත් නිසි ප්‍රමිතියෙන් යුක්ත මුව ආවරණ භාවිතා කිරීම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අත්‍යවශය බවත් ඇය පෙන්වා දෙනවා.

මීට අමතරව අලුතින් හඳුනා ගන්නා ආසාදිතයන් අතර රෝග ලක්ෂණ බහුල පුද්ගලයන් හා වෙනස් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වාර්තා වන බවද මහාචාර්යවරිය පවසයි.

UN