ඉන්දියාවම කොවිඩ් සුසානයක් වෙමින් තිබෙන අයුරු (ඡායාරූප)

ඉන්දියාවම කොවිඩ් සුසානයක් වෙමින් තිබෙන අයුරු (ඡායාරූප)

23 April 2021 01:57 pm

මේ වනවිට කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සහ මරණ වාර්තා වීම අතින් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබමින් සිටී. දිනපතාම එරටින් නව ආසාදිතයන් ලක්ෂ 03 ඉක්මවා හමුවන අතර ඊට සා‍පේක්ෂව මරණ ප්‍රමාණයද ඉහළ යමින් තිබේ.

අද වනවිට ඉන්දියාවේ මරණ බහුතරයක් සිදු වන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්වයට පත්වීම නිසාම නොවේ. සාමාන්‍ය රෝගී තත්වයෙන් පෙළෙන පුද්ගලයන්ද අවම වෛද්‍ය පහසුකම් හෝ නොමැතිවීම නිසා ජීවිත අහිමි වන තත්වයට ඉන්දියාවේ තත්වය දරුණු වී තිබේ.

නවදිල්ලි අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයක තත්වය කෙතරම් දරුණු වීද යත් දිනපතා මියයන පුද්ගලයන්ගේ මළසිරුරු නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ආදාහනය කිරීමේ අර්බුදයකටද ඔවුන් මුහුණ දී සිටී. මේ නිසා කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් හෝ අනුගමනය නොකර සාමාන්‍ය මළසිරුරු ආදාහනය කරන ආකාරයෙන් කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීමට ඔවුන්ට සිදුව තිබේ.

UN