රෝහල්ගතව සිටින හරීන් බලන්න සජිත් යයි

රෝහල්ගතව සිටින හරීන් බලන්න සජිත් යයි

23 April 2021 10:02 am

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබේ. හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

‍මේ අතර පාස්කු සිදුවීමට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතාට ඊයේ දන්වා තිබිණි. ඒ වනවිටත් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වූයේ.

UN