අසීමිත නිදහස රටේ දියුණුවට බාධාවක්, ආඥාදායකත්වය නරකම දෙයක් නෙවෙයි - වෙඬරුවේ උපාලි හිමි

අසීමිත නිදහස රටේ දියුණුවට බාධාවක්, ආඥාදායකත්වය නරකම දෙයක් නෙවෙයි - වෙඬරුවේ උපාලි හිමි

19 April 2021 09:54 pm

පාලකයන් විසින් රටේ ජනතාවට අසීමිත ලෙස නිදහස ලබාදීම රට දියුණු කිරීමට, සංවර්ධනය කිරීමට දැඩි බාධාවක් බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි පවසනවා. අද (19) මහනුවරදී මාධ්‍ය අමතමින් අනු නාහිමියේ මේ බව සඳහන් කළේය.

රට දියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස ඇතැම් අවස්ථාවලදී දැඩි තීන්දු ගතයුතු බවත්, රටේ යහපත වෙනුවෙන් එසේ දැඩි තීන්දු ගැනීම අනුමත කරන බවත් වෙඬරුවේ උපාලි අනු නාහිමි අවධාරණය කරනවා.

ආඥාදායකත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචන එල්ල කළද, අවම වශයෙන් අවුරුදු දෙකක්වත් එවැනි ආඥාදායකත්වයක් නොමැතිව රට ගොඩනැගිය නොහැකි බවද අනු නාහිමියෝ පවසනවා.

සෘජුව තීන්දු තීරණ ගනිමින්, රට යහපත් තැනකට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අස්ගිරි අනු නාහිමි වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

UN