මම කිව්වෙ අන්තර්ජාතික බලවේග ගැන මිස අපේ දේශපාලන නායකයො ගැන නෙවෙයි - කාදිනල් (Video)

මම කිව්වෙ අන්තර්ජාතික බලවේග ගැන මිස අපේ දේශපාලන නායකයො ගැන නෙවෙයි - කාදිනල් (Video)

19 April 2021 07:17 pm

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා, එම ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා පැවැත්වෙන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (19) කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් කාදිනල්වරයා සඳහන් කළේ අනිද්දා (21) පෙරවරු 8.45 ට මිනිත්තු ‍02 ක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමට එක්වන රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

අප්‍රේල් 21 වැනිදා සියලුම කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ ප්‍රධාන දේව මෙහෙය කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සියලු ආගමික නායකයන් සහභාගි වන බවද කාදිනල්වරයා පවසනවා.

ඊයේ (18) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් කාදිනල්වරයා සඳහන් කළේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි අන්තර්ජාතික දේශපාලන බලවේග පිළිබඳව මිස දේශීය දේශපාලන පක්ෂ හෝ නායකයන් සම්බන්ධයෙන් තමන් අදහස් නොදැක්වූ බවයි. තමන් සිදුකළ ප්‍රකාශය ඇතැම් පිරිස් වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවද කාදිනල්වරයා පවසනවා.

UN