ආණ්ඩුවටයි ජනාධිපතිටයි චාන්ස් දුන්නා හොඳටම ඇති - දඹර අමිල හිමි

ආණ්ඩුවටයි ජනාධිපතිටයි චාන්ස් දුන්නා හොඳටම ඇති - දඹර අමිල හිමි

19 April 2021 06:57 pm

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් පාලනය හේතුවෙන් උද්ගත වන තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකළ නමුත් ර‍ටේ බහුතර ජනතාව ඊට කන්දීමට කටයුතු නොකළ බව දඹර අමිල හිමි පවසනවා. එපමණක් නොව එම අනතුර පෙන්වා දුන් පුද්ගලයන් අපහාසයට උපහාසයට ලක් කිරීමටද ඇතැම් පිරිස් කටයුතු කළ බවත් අමිල හිමි පවසනවා.

එම අනතුර පිළිබඳව පණිවුඩය ජනතාව වෙත සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට ඇතැම් සංවිධාන, ඇතැම් පුද්ගලයන් පමණක් නොව ඇතැම් මාධ්‍ය ආයතනද කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ බවද දඹර අමිල හිමි පෙන්වා දෙනවා. මේ බව සඳහන් කලේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එදා මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණුවලින් අද වනවිට ඉටු වී ඇත්තේ මොනවාද යන්න පිළිබඳව ජනතාව විසින්ම විමසා බැලිය යුතු බවත් දඹර අමිල හිමි අවධාරණය කරනවා.

UN