සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අප්‍රේල් 27 සිට ඇරඹෙයි

සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අප්‍රේල් 27 සිට ඇරඹෙයි

19 April 2021 04:26 pm

කොවිඩ් වංසගතය හේතුවෙන් වසාදමා තිබෙන සියලු විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වැනිදා සිට විවෘත කරන බව අධ්‍යපාන අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. සියලු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් විශ්වවිද්‍යාල විවෘත කරන බව ඇමතිවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව පළමුව තෙවන හා සිව්වන වසරේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් පසුව ‍පළමු හා දෙවන වසරේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

විශ්ව විද්‍යාල විභාග පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සංවිධාන කර තිබෙනවා.

දිගු කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් අගෝස්තු නිවාඩුව සතියකට සීමා කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති අතර විෂය මාලා ආවරණය කර ගැනීමේ අවශ්‍යතාවය මත මෙම තීරණයට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 03 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.

UN