බලය තියෙද්දී මොළය නැහැ කියන්න චමල් ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්නුවා - SJB (VIDEO)

බලය තියෙද්දී මොළය නැහැ කියන්න චමල් ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්නුවා - SJB (VIDEO)

9 April 2021 12:30 pm

බලය තියෙන විට මොළය නැති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හිටපු කතානායකවරයෙකු ද වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ හැටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැහැදිලි කරන විට චමල් රාජපක්ෂ මහතා කතා කළේ ගහ ගැනීමට පැමිණෙන ලෙස බවත් එම හැසිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායද නොසලකා හැරීමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.  

දින 52 ආණ්ඩුව රක ගැනීමට මිරිස් කුඩු ගැසූ ඉතිහාසය ඊයේ දින යළි සිහිපත් කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 

''චමල් රාජපක්ෂ මහත්තයා කාටද මේ ගහ ගන්න කතාකරන්නේ. මේ රටේ යුද්ධය දිනා දීපු නායකයට. පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා එළියට වරෙන් ගහගන්න කියල. බලන්න බලය ලැබුණට පස්සේ මොළය නැති වෙන හැටි. අද පාර්ලිමේන්තුව ඔවුන්ගේ මැර කටයුතු කරන තැනක් බවට පරිවර්තනය කරලා.''

ආණ්ඩුවට දැන් වෙනත් විකල්පයක් නැති අතර ඔවුන්ගේ මැර බලය,තර්ජනය වැනි පහත් වැඩ පාවිච්චි කර රට ඉදිරියට ගෙනියන්න යම් උත්සාහයක යෙදෙමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.