වරද කොතැනද? සමාජ ගැටලුවක සැබෑ ස්වරුපය පිළිබඳව සාකච්ඡාව 11 වනදා

වරද කොතැනද? සමාජ ගැටලුවක සැබෑ ස්වරුපය පිළිබඳව සාකච්ඡාව 11 වනදා

8 April 2021 04:21 pm

‘වරද කොතැනද’ ව්‍යාපෘතිය පටන් ගැනුණේ කැලණිය රොට්රැක් සාමාජිකයන් සිය ප්‍රදේශයේ කොව්ඩ්-19 වසංගත තත්වය නිසා පීඩාවට පත් සිය ප්‍රජාවට උපකාර කිරීමේ වැඩසටහන් වල නිරතව සිටිද්දීය. ගෙයින් ගෙට යමින්, කාර්යාලයෙන් කාර්යාලට පැමිණෙමින් සහ ව්‍යාපාරික ආයතන වල සේවකයන් හා මුසු වෙමින් තම ප්‍රජා වැඩසටහන් මෙහෙයවද්දී මෙන්ම නව්‍ය ව්‍යාපාරිකයන්ගේ හඬට ඇහුම්කම් දෙන රොට්රැක් සාමාජිකයන් මුහුණ දුන් අත්දැකීම් සහ ප්‍රජාව අතරේ පවතින යථාර්තයන් පිළිබද කතිකාවක් අත්‍යවශ්‍ය බව ඉස්මතු විය.

ඒ අනුව ඉතා ලෙහෙසියෙන්ම නොදැක, මුහුණ නොදී, කතිකාවකට ලක් නොකොට අතහැර දමමින් තිබූ ‘චාරිත්‍ර හා සැබැඳුණු තහංචි’ මේ කථිකාවේදී නැවැත විමසීමකට ලක් කෙරෙනු ඇත.

ඒ අතරෙනුත් ‘වරද කොතැනද’ හරහා මෙවර කතා බහට ලක් කරුණු ඇත්තේ ලිංගාශ්‍රිතව බෝ වෙන රෝග පිළිබඳ සමාජ අවධානයයි.

ඒ සඳහා ඔවුන් ආරම්භයක් ලෙස සිය ප්‍රජාව අතරේ අහඹු ලෙස ඒ ලිංගික රෝග සම්බන්ධ ගැටලු පිළිබඳ ප්‍රජාවගේ දැනුම විමසූ මුත් ඊට යහපත් ලෙස ප්‍රතිචාර ලැබුණේ නැති අතර, මුල් කාල සීමාවේ උදාහරණයක් ලෙස ‘ඔබ ලිංගාශ්‍රිත රෝග ගැන දන්නේ මොනවාද?, ඔබ එයින් ඇතිවිය හැකි අබාධ ගැන දන්නේද? රෝගාබාධයෙන් පෙළෙන්නෙකු ඊට තමන් වින්දිතයෙකු ලෙස සැලකිය යුතුද?’ යනාදී වශයෙන් වූ ප්‍රශ්ණ සඳහා ලැබුණු පිළිතුරු මිශ්‍ර සහ වැරදි ඒවා වීම ඊට බලපෑවේය.   

ඒ වැරදි හා අසම්පූර්ණ මතවාදයන් නිවැරදි කරනු පිණිස කැලණිය රොට්රැක් සමාජය දැන් සිය අවකාශය විවිර කර ඇත්තේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ නිවැරදි අධ්‍යාපනය සඳහාය. ඔවුන් සමාජ මාධ්‍ය කථිකාවේදී ප්රශ්න කරනු ඇත්තේ ‘ලිංගාශ්‍රිත රෝග යනු කුමක්ද?, එයින් ඇතිවිය හැකි සෞඛ්‍ය, සමාජ ගැටලු මොනවාද? වින්දිතයන් වෙන්කොට සැලකීමේ ලා ඇතිවිය හැකි අසාධාරණකම් මොනවාද? මෙන්ම එසේ වීමට අවශ්‍ය ද? යන මූලික ගැටලු පිළිබඳවය.

‘වරද කොතැනද’ ව්‍යාපෘතිය පසුගිය මාස දෙක ඇතුළත තුළ පියවර දෙකක් යටතේ රොට්රැක් සාමාජිකයන් විසින් කල විමර්ශන වල ප්‍රතිඵලයකි. අත්‍යාවශ්‍යම සමාජ කතිකාවක් වූ මේ මාතෘකාව සාකච්ජාා කිරීමට කැලණිය රොට්රැක් සමාජයත් එහි සාමාජිකයනුත් ගන්නා උත්සාහයේ මූලික අදියර සඵල වෙනු ඇත්තේ මේ මස 11 වෙනිදා සිටය. මේ විෂයය පිළබඳ  විශේෂඥයන් වන වෛද්‍යවරයකු, නීතී විශාරදයෙකු මෙන්ම වින්දිතයෙකු ද සහභාගී වෙන මෙම වැඩසටහන මූලිකවම ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග කෙරෙහි දක්වන ආකල්ප වෙනස් කරගැනීමේලා උපකාර වෙනු ඇත්තේය.

■ වෛද්‍ය ශලිනි නානායක්කාර  - ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Atg.) MBBS, PG Dip Ven, MD (Venereology)
■ මහේෂ් දේවින්ද අබේනායක මහතා - LL.B (Hons) , LL.M (Colombo), M. Phil (Moratuwa), CTHE නීතිඥ මහජන  නොතාරිස්  සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශිෂ්‍ය උපදේශක - මොරටුව විශ්ව විද්යාලය

■ ප්‍රින්සි මංගලිකා මහත්මිය - ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිනියක් සහ ඇය Positive Women's Network හි නිර්මාතෘවරියද වේ

■ දක්ෂිත වික්‍රමරත්න මහතා - ශ්‍රී ලංකාවේ Youth Advocacy Network Sri Lanka (YANSL) සම නිර්මාතෘ සහ Women Deliver මණ්ඩලයේ සාමාජික

■ කවීන්ද්‍ර කසුන් සිගෙරා මහතා - දිස්ත්‍රික් රොටරැක්ට් නියෝජිත RI District 3220 ශ්‍රී ලංකා සහ මාලදිවයින

මෙම සංවාදය මෙහෙයවීම සිදු කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරී, මාධ්‍යවේදී සහ නීතිවේදී කෞශාල් රණසිංහ (LL.B) විසිනි. ඒ ඔවුන්ගේ වරද කොතැනද ව්‍යාපෘතියේ ම සඳහන් පරිදි ‘නොපෙනෙන පැතිකඩ-විනිවිද දකින්නට!’ දරණ උත්සාහයේ දී ය.