අද (08) දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබඳ තීරණය කිරීම සඳහා පැවති පක්ෂ නායක රැස්වීම අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී අද සහ හෙට යන දෙදිනත් පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන්ම විවාදය පැවැත්විය යුතු බවට ආණ්ඩු පක්ෂය යෝජනා කර ඇති අතර ඊට එරෙහි වෙමින් විපක්ෂය පෙන්වා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයම කලින් දැනුම් දී ඇති පරිදි දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව පිළිබඳ දෙදින විවාදයක් පැවැත්විය යුතු බවටය.
නමුත් මීට ආණ්ඩු පක්ෂය දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් පක්ෂ නායක රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පෙරළී ඇති අතර අවසානයේ එකඟතාවකින් තොරව එම රැස්වීම අවසන්ව ඇති බව සඳහන්.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට න්‍යාය පත්‍රය පිළිබඳ කිසිදු එකඟතාවකින් තොරව අද දිනයේ සභාවාරය ආරම්භ කෙරුණු බවයි ආරංචිමාර්ග පැවසුවේ.
RN
2021-04-19 17:13:00
2021-04-19 17:03:00
2021-04-19 16:26:00
2021-04-19 15:32:00