71 කැරැල්ලේ සජීවී අත්දැකීම් සමඟ ‘‘කළු රංජි සුදු මිනිසෙකි’’ කෘතිය ජනගත වෙයි

71 කැරැල්ලේ සජීවී අත්දැකීම් සමඟ ‘‘කළු රංජි සුදු මිනිසෙකි’’ කෘතිය ජනගත වෙයි

6 April 2021 10:48 am

71 කැරැල්ලේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ  රංජිත් දිසානායක හෙවත් ‘‘කළු රංජි’’ ගේ ජීවන අත්දැකීම් අළලා ජයසිරි අලවත්ත විසින් රචනා කළ ‘‘කළු රංජි සුදු මිනිසෙකි’’ කෘතිය (ඊයේ) 05 වන දින කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරුණි. 

එහි ප්‍රධාන දෙසුම 71 අරගලයේ තවත් ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියසිරි කුලරත්න විසින් සිදු කළ අතර නිදහස් අදහස් දැක්වීම් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල විසින් පැවැත්විය. 

ඊයේ දිනට එනම් අප්‍රේල් 05 වැනිදාට 71 කැරැල්ල සිදු වී වසර 50ක්ද ගෙවී ගොස් තිබුණි.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.