IPL තරගාවලියත් කොවිඩ් බිලිගනීද ? තවත් ක්‍රීඩකයෙකුට කෙ‍ාරෝනා !

IPL තරගාවලියත් කොවිඩ් බිලිගනීද ? තවත් ක්‍රීඩකයෙකුට කෙ‍ාරෝනා !

4 April 2021 10:25 am

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවල‍ියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග‍ලෝර් කණ්ඩායම නියෝජනය කරන ආම්භක පිතිකරු දෙව්දුත් පඩික්කල්ද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබෙනවා. අද දිනයේදී සිදුකළ පරීක්ෂණවලින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනිණි.

ඒ අනුව පඩික්කල් මේ වනවිට හුදෙකලාව නිරෝධායනය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

බැංගලෝර් කණ්ඩායමේ පළමු තරගය අප්‍රේල් 09 වැනිදා පැවැත්වේ. ඒ මෙවර තරගාවලියේ ආරම්භක තරගය ලෙසයි.

ඒ අනුව පඩික්කල්ට එම තරගය සඳහා සහභාගිවීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය තරගාවලියේදී ඔහු ආරම්භක පිතිකරුවා ලෙස ප්‍රබල සේවයක් සිය කණ්ඩායමට සිදුකළ අතර ඒ අනුව ඔහුගේ අහිමි වීම කණ්ඩායමට දැඩි බලපෑමක් වනු ඇත.

මීට පෙර දිල්ලි කැපිටල් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල්ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබිණි. ඔහුද මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක නිටිෂ් රානාද ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබූ නමුත් ඉන් දින දෙකකට පසුව සිදුකළ පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබිණි.

කොවිඩ් වෛරසය හේතුවෙන් මෙවර දැඩි ආරක්ෂාවක් යටතේ තරගාවලිය පැවැත්වීමට ඉන්දියානු ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. 

UN