මිලාන් ජයතිලකත් අල්ලස් චෝදනාවලින් නිදහස් !

මිලාන් ජයතිලකත් අල්ලස් චෝදනාවලින් නිදහස් !

1 April 2021 01:51 pm

රුපියල් ලක්ෂ 06 ක අල්ලස් මුසලක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය. අල්ලස් කොමිසම විසින් අදාල චෝදනා ඉල්ලා අස්කර ගන්නා බවට අද අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව මිලාන් ජයතිලක මහතා ඇතුලු දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා.

ජයතිලක මහතා දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී කලුගල් කැඩීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා ලක්ෂ 07 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂ 06 ක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය සඳහන් කළේ නඩුවේ පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස්කර ගන්නා බවයි. විත්තිකරුවන්ට එරෙහිව නැවත කඩිනමින් චෝදනා ගොනු කරන බවද සහකාර අධ්‍යක්ෂ ‍ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා.

UN