ලොකුගේත් නොදන්නා රජය - විස පොල්තෙල් ගෙනාපු අයට දඬුවම් කරන එක රජයට අයිති වැඩක් නෙවෙයිලු !

ලොකුගේත් නොදන්නා රජය - විස පොල්තෙල් ගෙනාපු අයට දඬුවම් කරන එක රජයට අයිති වැඩක් නෙවෙයිලු !

31 March 2021 06:30 pm

පිළිකාකාරක අඩංගු පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම හෝ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම රජයට අයත් කටයුත්තක් නොවන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම හා ආනයනකරුවන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම ශ්‍රී ලංකා රේගුව, ආනයන හා අපනයන අධ්‍යක්ෂවරයා සතු කාර්යභාරයක් බවයි. ඒ සඳහා රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවද ලොකුගේ මහතා පවසනවා.

ගැටලුව වන්නේ, ගාමිණී ලොකුගේ ඇමතිවරයාගේ ප්‍රකාශයට අනුව රේගුව රජයට අයත් ආයතනයක් නොවේ. ආනයන හා අපනයන අධ්‍යක්ෂවරයා රාජ්‍ය සේවකයෙකුද නොවේ. එසේ නම් රේගුව අයත් වන්නේ කාටද ? ආනයන හා අපනයන අධ්‍යක්ෂවරයා වගකියන්නේ කාටද ?

රටේ ජනතාව, රජය යනු කුමක්ද යන්න හෝ නොදන්නා පුද්ගලයන් සිය නියෝජිතයන් ලෙස නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව වෙත යවා, ඔවුන් තම ජීවිත සමෘද්ධිමත් කරනු ඇතැයි බලා සිටිති.

UN