තානාපති නිළධාරීන්ගේ පෞද්ගලිකත්වයත් සෝදිසි කරනවාද ? - කැනේඩියානු තානාපති විමසයි

තානාපති නිළධාරීන්ගේ පෞද්ගලිකත්වයත් සෝදිසි කරනවාද ? - කැනේඩියානු තානාපති විමසයි

8 March 2021 11:00 am

මෙරට රැඳී සිටින විදෙස් තානාපති නිළධාරීන්ගේ පෞද්ගලික රැස්වීම් පිළිබඳව ජනමාධ්‍ය ආයතන විසින් සිය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම පිළිබඳව මෙරට කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකිනන් මහතා ප්‍රශ්න කරනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවස්නේ තමාව ආවේක්ෂණයට ලක්ව සිටින්නේද යනුවෙනි.

කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙලෙස විමසා සිටින්නේ, බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ කැනේඩියානු මහ කොමසාරිස්වරයා අතර පසුගියදා සිදුව තිබෙන පෞද්ගලික හමුවීමක් සම්බන්ධයෙන් මාද්‍ය විසින් වාර්තා කර තිබීම සම්බන්ධයෙනි.

මීට පෙර මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ දකුණු කොරියානු තානාපතිවරයා අතර ඇති වූ හමුවක් සම්බන්ධයෙන්ද මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් ආවේක්ෂණයට ලක් නොවන බවයි. ඒ නිසා කැනේඩියානු මහ කොමසාරිස්වරයා ආවේක්ෂණයට ලක්ව ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කරනවා.

UN