පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ප්‍රහාරකයින්ට දඬුවම් දෙන්නත් එපාද? (VIDEO)

පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ප්‍රහාරකයින්ට දඬුවම් දෙන්නත් එපාද? (VIDEO)

6 March 2021 07:03 pm

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා යනුවෙන් පැවසීමෙන් අදහස් කරන්නේ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබා නොදිය යුතුද යන්න පිළිබඳ එය ප්‍රතික්ෂේප කරන අය පැහැදිලි කළ යුතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

කෙසේවෙතත් මෙම වාර්තාවත් සමඟ ඒ ගැන වැඩියෙන් කතාකරන්නේ ඊට සම්බන්ධ අය බව ජනතාවද තේරුම් ගෙන සිටින බව සේමසිංහ මහතා කියාසිටියේය. 

පසුගිය පාලන කාලයේ සිදු වූ ප්‍රහාරයකට වර්තමාන ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා වගකිවයුතු නැති බවයි ඔහු සඳහන් කළේ. 

වත්මන් ආණ්ඩුවේ වගකීම ඇත්තේ එම කාලය තුළ සැඟවූ විමර්ශන පිළිබඳ සොයා බලා ඊට අදාළව ප්‍රහාරකයන්ට දඬුවම් දීම  වන අතර ඒ වෙනුවෙන් කළ යුතු සියලුම දේවල් රජය ලෙස සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.