අද දිනයේදීත් කොවිඩ් 19 මරණ 07ක් භූමදානය කර තිබෙන අතර හෙට දිනයේදී ශීතාගාර තුළ තැන්පත් කර තිබෙන සියලුම මෘත දේහ භූමදානය කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ඒ අනුව ආදාහනයට එරෙහිව ශීතාගාර තුළ තැන්පත් කර තිබුණු කොවිඩ් මෘත දේහ සියල්ලම හෙට දිනයේදී භූමදානය කර අවසන් වනු ඇති
ඊයේ දිනයේදීද මෘත දේහ 09ක් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබුණි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ පරිදි එම භූමදාන කටයුතු සිදුවන අතර මෙම කොවිඩ් මරණ භූමදානය තවත් ප්‍රදේශ හඳුනා ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
2021-04-19 23:00:00
2021-04-19 21:30:00
2021-04-19 20:04:00
2021-04-19 20:00:00