විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
“දැයට එළිය” වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයේ.
විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙයි. නිවස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.
මේ වසර අවසානයට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුලිය සැපයීමයි රජය අපේක්ෂාව වන්නේ.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.
2021-04-19 23:00:00
2021-04-19 21:30:00
2021-04-19 20:04:00
2021-04-19 20:00:00