පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට අනිවාර්යයෙන් දඬුවම් දෙනවා - ජනපති ගම සමඟ පිළිසඳරේදී කියයි (VIDEO)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට අනිවාර්යයෙන් දඬුවම් දෙනවා - ජනපති ගම සමඟ පිළිසඳරේදී කියයි (VIDEO)

6 March 2021 02:03 pm

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී පැවසුවේය.

ගම සමඟ පිළිසඳර 13 වන වැඩසටහන එලෙස පැවැත්වුණේ කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්ය. 

වැඩසටහනට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක ද නිරත වී තිබුණි. 

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවද අද එම වැඩසටහනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන ගොස් තිබුණු අතර එහි සටහන් කර තිබෙන කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළේය. 

මෙම  කොමිෂන් සභාව විවිධ අවස්ථාවල පැහැදිලිවම මෙහි වගකීම කාටද දිය යුත්තේ යන්න  පැහැදිලිවම කියා තිබෙන බවත් 2015 රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීම වෙනුවට  ජාතික සමඟිය හා සංහිඳියාවට  ප්‍රමුඛතාවය දී  තිබෙන අබව කොමිසම් වර්ටහවේ සඳහන් කර තිබෙන බව ජනාධිපතිවරාය පවසන ලදී. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොමිෂන් සභා වාර්තාව කියවමින්,''ආගමික අන්තවදයාට එරෙහිව සටන් කිරීමට රජය ක්‍රියාශීලි පියවර නොගත් බව සාක්ෂිකරුවන් සාක්ෂි දී තිබේ. අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් ප්‍රහාරය  සඳහා ප්‍රධාන සාධකයක් විය. එම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන හා අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය.''

එහෙත් එම රජයේ සිටි අය මේ ගැන කතා අක්රන්නේ එම රජයේ නොසිටි පුද්ගලයින් විලසින් බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ. 

එමෙන්ම  සාක්ෂි දෙන බලන විට නැගී එන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය වඩා ක්‍රියාශීලි කාර්යභාරයක් ඉටු කිරීමට අසමත් වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සබහ්වට අපහසු බවද එහි දක්වා තිබෙන බව ජනාධිපතිවරාය පැවසුවේය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොමිෂන් සභා වාර්තාව කියවමින්,''ශ්‍රී ලංකාවේ  IS ආධාරකරුවන් සිය ගණනක් සිටින බවත් IS දකුණු ආසියාවේ ලැව් ගින්නක් මෙන් පැතිර යන බවත් ප්‍රගතිශීලි වීමට වඩා ක්‍රියාශීලි විය යුතු බවට රජයෙන් ඉල්ලා සිටින අතර ජනවාර්ගික හා ආගමික වෛරය අවුලවා  ලීම වැලැක්වීම සඳහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීම අවශ්‍ය බව අවධාරණය කරයි. අවාසනාවකට මෙන් අග්‍රාමාත්‍ය  වික්‍රමසිංහ ඇතුළු රජය එදවස එසේ කිරීමට අසමත් විය. මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීම නිසා නැගී එන ඉස්ලාමීය  අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමර්ග ගැනීමට රජය මැලිකමක් දක්වන බව සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ. පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඇති සාක්ෂි මෙම ස්ථාවරය සනාථ කරයි.''

කෙසේවෙතත් ඇතැමුන් උත්සහ කරන්නේ  හිටපු ජනාධිපතිවරයා මත මේ වරද පැටව බේරීමට බවද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී. 

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ  කාලයේ  ප්‍රමුඛත්වය දුන් ජාතික ආරක්ෂාක වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන ගොස් නැති බවද මෙම කොමිෂන් වාර්තාවෙන් පහදිලින් වන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.