මගේ වයසක දෙමව්පියන්ටවත් එන්නත් නෑ ඒත් VIP සෙන්ටර්වලින් දේශපාලකයොයි නෑයොයි යාලුවොයි ඔක්ක‍ොම එන්නත් ගන්නවා - එන්නත් මධ්‍යස්ථානයක හෙදියකගේ අත්දැකීම්

මගේ වයසක දෙමව්පියන්ටවත් එන්නත් නෑ ඒත් VIP සෙන්ටර්වලින් දේශපාලකයොයි නෑයොයි යාලුවොයි ඔක්ක‍ොම එන්නත් ගන්නවා - එන්නත් මධ්‍යස්ථානයක හෙදියකගේ අත්දැකීම්

4 March 2021 08:00 pm

මෙරට තුළ සිදුවන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ චෝදනා එල්ල වී තිබෙනවා. එන්නත් හිමිවිය යුතු අත්‍යවශ්‍ය පුද්ගලයන් සිටියදී විවිධ මාර්ගවලින් වෙනත් පුද්ගලයන් එන්නත් ලබා ගන්නා බව එල්ල වන ප්‍රධාන චෝදනාවකි.

ජනවාරි අගදී මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වූ අතර සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ මුලින්ම එන්නත් ලබා දෙන්නේ කොරෝනා මර්දන කටයුතුවල නිරතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත බවයි. ඉන් අනතුරුව කොවිඩ් මර්දන කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එන්නත් ලබාදෙන බවත්, ඉන්පසු වැඩි අවදානමක් සහිත වෙනත් කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය හිමිවන බවත් සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, ඔවුන්ගේ හිතවතුන් පවා එන්නත් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එසේම ක්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු වෙනත් ප්‍රභූ පිරිස්ද ප්‍රමුඛතා පිළිවෙල උල්ලංඝනය කරමින් එන්නත් ලබා ගන්නා බව වාර්තා වේ.

කොළඹ පිහිටි දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූ පුද්ගලයන්ට එන්නත් ලබාගෙන VIP එන්නත් මධ්‍යස්ථානයක සේවය කරන හෙද නිළධාරිනියක් බීබීසී සිංහල සේවය සමග පවසා තිබෙන්නේ එන්නත් මධ්‍යස්ථානය තුළ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටින බවයි. එන්නත් ලැබිය යුතු තමාගේ වයස්ගත මව හා පියා ඇතුළු විශාල පිරිසකට එන්නත් නොලැබී ඇති තත්වයක් තුළ තමා සේවය කරන මධ්‍යස්ථානය හරහා දේශපාලනඥයන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් පවා එන්නත් ලබා ගනිමින් සිටින බව ඇය පවසා තිබෙනවා. මෙය බරපතල අසාධාරණයක් බවය ඇය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව ක්‍රියාත්මක වන බවයි. ඒ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බවද තම සංගමය පවසනවා.

UN