මැතිවරණ අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ දැමීම යථාර්ථයක් වන ලකුණු !

මැතිවරණ අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ දැමීම යථාර්ථයක් වන ලකුණු !

4 March 2021 07:33 pm

ජනාධිපතිවරණය, මහ මැතිවරණය, සහ පලාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් අයකර ගන්නා ඇප මුදල් ප්‍රමාණය සංශෝධනය කිරීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාල සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ.

දිගු කලක සිට ඇප මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් බොහෝ සේ කතාබහට ලක්විය. දැනට ඇප මුදල් අය කරනු ලබන්නේ දශක දෙකකටත් වැඩි කාලයකට පෙර සම්මත කර ගත් නීතිවලට අනුව වන අතර ඇප මුදල ඉතා අඩු අගයක් ගැනීම හේතුවෙන් අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් පවතී.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයාද ඇප මුදල් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතුය යන මතයේ සිටියේය. ඔහු දිගින් දිගටම සඳහන් කළේ අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් තරග කිරීම හේතුවෙන් කෝටි ගණන් ජනතා මුදල් නිකරුනේ මැතිවරණ කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇති බවයි.

හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සංශෝධන සිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

මේ අතර 2019 වසර සඳහා නිසි පරිදි විගණන වාර්තා ඉදිරිපත් නොකළ පිළිගත් දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් සොයා බලා ‍එසේ විගණන වාර්තා ඉදිරිපත් කර නොමැති පක්ෂවල නීත්‍යනුකූලභාවය අහෝසි කිරීමටද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

UN