කොවිඩ් 19 මෘත දේහ භූමදානය සඳහා වන මාර්ගෝපදේශවලට අදාළ මූලික කෙටුම්පත සකස් කර තිබෙන අතර එහි ප්‍රධාන අභියෝගය වී ඇත්තේ භූමදානය සඳහා සුදුසු භූමී හඳුනාගැනීම බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙම මෘත දේහ ආදාහනය හෝ භූමදානය සඳහා අවසර ලබා දෙන ගැසට් නිවේදනය නිකුත් වී තිබෙන අතර එහි සියලුම බලතල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පවරා තිබේ.
ඒ අනුව නිසි බලධරයා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ විධිවිධානයන්ට අනුව සුසාන භූමියක හෝ සුදුසු ස්ථානයක නිසි බලධරයාගේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු වෙයි.
මෙහිදී අදාළ භූමී හඳුනාගැනීම සඳහා ඉදිරියේදී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත.
භූමිය හඳුනාගැනීමෙන් පසු අදාළ චක්‍රලේඛය නිකුත්වනු ඇති.
ASK
2021-04-19 23:00:00
2021-04-19 21:30:00
2021-04-19 20:04:00
2021-04-19 20:00:00