ඕකාව නං ඇතුළට දාන්න ඕන එකෙක් තමයි ඒ උනාට වැරදි පූර්වාදර්ශ දෙන්න හොඳ නෑනෙ !

ඕකාව නං ඇතුළට දාන්න ඕන එකෙක් තමයි ඒ උනාට වැරදි පූර්වාදර්ශ දෙන්න හොඳ නෑනෙ !

26 February 2021 05:57 pm

තමන්ම පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් තමන්ම වැරදිකාරයෙකු ලෙස නම්කර තිබීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල සිටින්නේ මාර අකරතැබ්බයකය. ඔහු‍ගේ පක්ෂය වන ශ්‍රීලනිපය දැනටමත් ‍පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී විමසා තිබෙන්නේ 'මටත් හිරේ විලංගුවේ වැටෙන්න සිද්ද වෙයිද සර්' කියාය. 'මම කරපු වරදකුත් නෑ. අන්තිමට මම පත් කරපු කොමිසමෙන්ම මම වැරදිකාරයෙක් කරලා' යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා සනසමින් පිටට තට්ටුවක්ද දැමූ අගමැතිවරයා 'ඔයා බය නැතුව ඉන්න, අපි ඒ වගේ වැඩ කරන්නෙ නෑ, අනික ඔයා හිටපු ජනාධිපති නෙ. කොමිසමකින් එහෙම කියපු පලියට හිරේ දාන්න පුලුවන්ද ?' යැයි පවසා ඔහුව සනසා තිබෙනවා.

ඉන්පසු හිටපු ජනාධිපතිවරයා පිටත්ව ගොස් ඇති අතර ඔහුගේ නික්ම යෑමෙන් පසු තමා වටා සිටි පුද්ගලයන් සමග අගමැතිවරයා පවසා තිබෙන්නේ 'ඕකාව නං කොහොම හරි ඇතුළට දාන්න ඕන එකෙක්, ඒත් ඉතිං වැරදි පූර්වාදර්ශ දීලා අනාගතේ විහින් කරදර ඇතිකර ගන්නෙ මොකටද ? ඔන්නොහෙ එළියෙ හිටපුදෙන්' කියාය.