වාසුත් ගෙදර යයි

වාසුත් ගෙදර යයි

24 January 2021 03:57 pm

කොවිඩ් 19 වෛරසය ආසාදිතව, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ අමාත්‍ය වාස‍ුදේව නානායක්කාර මහතා සුවය ලබා නිවෙස වෙත පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයා කොග්ගල ප්‍ර‍දේශයේ හෝටලයක ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඔහු මේ වනවිට කොළඹ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබේ. ඔහු සිය නිවසට පැමිණියද තවත් සතියක කාලයක් ස්වයං නිරෝධායනයේ පසුවන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මේ වනවිට සුවය ලබා සිය නිවස වෙත පැමිණ තිබේ.

UN