පෑළියගොඩ කොවිඩ් පොකුරට තවත් 768ක් එකතු වෙද්දී මරණයකුත් වාර්තා වෙයි

පෑළියගොඩ කොවිඩ් පොකුරට තවත් 768ක් එකතු වෙද්දී මරණයකුත් වාර්තා වෙයි

20 January 2021 09:22 pm

අද (20) දිනයේදීත් පෑළියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයින් ලෙස ආසාදිතයින් 768ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව දිවුලපිටිය,පෑළියගොඩ සහ බන්ධනාගාර පොකුර 51329ක් ලෙස ඉහළ ගොස් ඇති දැක්වෙයි,.

එමෙන්ම අද දිනයේදී තවත් කොවිඩ් 19 මරණයක් වරටත් වීමත් සමඟ සමස්ත මරණ 274ක් ලෙස වැඩි වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ. 

මියගොස් ඇත්තේ මල්ලවගෙදර ප්‍රදේශයේ  සිටි 53 හැවිරිදි කාන්තාවකි. IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී කොවිඩ් නිවුමෝනියාව හේතුවෙන් ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දියවැඩියාව  මරණයට හේතු වී තිබේ.