කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්

20 January 2021 12:30 pm

කොරෝනා පැණිය හඳුන්වා දුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට එරෙහිව පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණි පුද්ගලයෙකි.

ඔහු බටහිර වෛද්‍යවරයෙකු වන අතර කොරෝනා පැණිය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ගැටුම්කාරී තත්වයක් ඇති වූ බවත්, එම ගැටුම අතරතුර ධම්මික බණ්ඩාර මහතා තමාට පහර දුන් බවත් වෛද්‍යවරයා පොලීසියට පවසා තිබෙනවා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහයවීම මත පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ධම්මික බණ්ඩාරගේ කොරෝනා පැණිය පානය කළ සැළකිය යුතු පිරිසකට මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එසේ තිබියදී අද දිනයේද පුද්ගලයන් විශාල පිරිසක් පැණිය ලබා ගැනීම සඳහා ධම්මික බණ්ඩාර මහතාගේ නිවස අසල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

UN